"ළමුන් අතර ඉතාම ජනප්‍රියව ඇති සූර පප්පා කාටුන් රූපවාහිනි කතා මාලාව නිෂ්පාදනය කොට ඇත්තේ ASTERIX කාටූන් පොත් පෙළ ඇසුරෙනි.
ASTERIX කාටූන් පොත් පෙළ ලෝකයේ ළමුන් අතර කෙතරම් ජනප්‍රය ද කිවහොත් එය භාෂා තිහකට පරිවර්තනය කොට තිබේ. ASTERIX කතා පෙළේ කාටූන් කතා තිස් තුනක් ඇති අතර මෙම කාටූන් නිර්මාණය කළේ UDERZO නම් චිත්‍ර ශිල්පියා විසිනි.
1975 දී පළමුවරට මෙහි මුල් පිටපත පළවූ අතර, එහි ජනප්‍රියතාවය නිසාම කාටූන් පොත් පෙළක් පළ කරන්නට ඔහුට සිදු විය. මෙම කාටූන් කතා පෙලේ ජනප්‍රියතාවය හේතුවෙන් පසු කලෙක එය රූපවාහිනි කාටූන් කතා පෙළක් ලෙස රූපවාහිනියට ද නැගුණි.
ASTERIX, OBELIX, GETAPIX, CACOFANIX, VITALSTATISTIY යන චරිත සූර පප්පා කාටූන් කතාවේ ප්‍රධාන චරිතයන් විය. වර්ෂ පනහේ දී පමණ සිදුවූවා යැයි සිතා නිර්මාණය කරන ලද මෙම කතාවේ වීරයින් ළමා මනස තුළ පසුකාලීනව චරිතයන් බවට පත් කරන්නට මෙහි චිත්‍ර ශිල්පියා වූ UDERZO සමත් වී ඇත. "
Download Link Above
Download
-->
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.